අද්ධියාපන ප්රතිසංවිධාන පිලිබඳ සංවාද මාලාවේ 1-වැන්න
October 18th, 2007 - Filed Under General
ඉකුත් ඔක්තෝබර 4 වැනිදා ශ්රී ලන්කා පදනම් ආයතනයේ කෙරුනු පලවන සන්වාදය ඉතා සාර්තකව පැවැත්වුන බවද, ඒ සදහා පැමිනි සැමගේ නොමද උනන්දුව සහ සන්වාදීය දායකත්වය ඒ සාර්ථකත්වයට හේතුවූ බවද මම ඉතා සතුටින් වාර්තා කරමි. එම සන්වාදයට අද්ධියාපනයේ අර්බූදය පිලිබඳ විශ්ලේෂනයකින් දායක වූ අන්තර් විශ්ව විද්යාල බල මන්ඩලයේ සිසුන්ටත්, නව අද්ධියාපන පනතක් සඳහා යෝජනාවලියකින් දායක වීමට සූදානම්ව පැමිනි විලුඳු ආයතනයටත් මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙමි. සන්වාදයට සහභාගි වූ හෝ වෙනත් වගකීම් නිසා සහභාගි වීමට නොහැකි යයි දැනුම් දුන් අයගේ ලැයිස්තුවක් ලිපිය අවසානයේ ඔබට දකිය හැක.
ඉදිරි සන්වාද පිලිබදව බහුතර මතය වූයේ ඒවා විවිධ මත දරන අයගෙන් සමන්විත පැනල ලෙස පැවැත්විය යුතු බවය. ඊට අමතරව නිශාන්ත කමලදාසයන්ගෙන් ලැබුන අනගි අදහස වූයේ අප සැම ප්රශ්න දිහා බලන්නේ අප එකිනෙකාට විශේෂ තැවුල් (concerns) පදනම් කර ගෙන නිසා ඕනෑම සන්වාදයක් ඒ තැවුල් පිලිබද සන්වේදිතාවෙන් කල යුතු බවත්ය.
ඒ සැම මතයක්ම සැලකිල්ලට ගෙන අපි නොවැම්බර් 8 වැනි බ්රහස්පතින්දාට ඊලඟ සන්වාදය සැලසුම් කරන්නෙමු. මාතෘකාව ලෙස දැනට අරමුනු කර සිටින්නේ “අද්ධියාපනයේ අර්බූදය - විවිධ ඇසින්” යන්නයි. කරුනාකර ඒ දිනය ඔබ දිනපොතේ සටහන් කරගෙන තවත් විවාදත්මක නමුත් සුහද හමුවකට එක් වෙන්න. ඒ අතර තුල යෝජිත මාර්තෘකාවට දායක විය යුතු අයට ඒ පිලිබඳව දන්වන්නේ නම්ද මැනවි.
සංවාදයට රුකුලක් විය හැකි විශ්ලේෂනාත්මක සටහන් ගොනු කර ගෙවුනු වියදමට ලබා දීමට අපි බලා පොරොත්තු වෙමු. ඔබ හෝ ඔබ ආයතනය මගින් කෙරුනු විශ්ලේෂන බෙදා ගැනීමට කැමති නම් අපට දන්වන්න.
ස්තූතියි.
සුජාතා ගමගේ, කැදවුම්කරු. educationforum.lk
THOSE ATTENDING THE EDUCATION DISCUSSION SERIES - #1
|
Arunasiri, PHJ |
Sri Lanka Foundation Institute |
THOSE WHO SENT REGRETS
|
1 |
Grero, Mohan Lal |
Lyceum |