ගුරු සේවයේ රසකතා
October 22nd, 2007 - Filed Under General
එක්දහස් නවසිය හතළිස් හයේ වර්ෂයේ වයඹ පළාතේ බිංගිරිය ප‍්‍රදේශයේ දැදුරුඔය අසබඩ පිහිටි අති දුෂ්කර පාසලක සේවය කළ අප්පුහාමි මුල්ගුරුන්නාන්සේ හා උපගුරු පුංචි බංඩේ ගුරුන්නාන්සේ නතර වී සිටියේ ගුරු නිවාසයේය. මේ ප‍්‍රදේශයේ දිනපතාම රාති‍්‍ර කාලයේ ගොවීන්ගේ වගා පාළු කරමින් පළාත දෙවනත් කරන වල් අලි බොහෝ සිටියහ. ගම්මු පැල් රකිමින්, වෙඩි පත්තුකරමින් තම වගාවන්ට වල් අලින්ගෙන් වන හානි වළක්වා ගැනීමට මහත් වෙහෙසක් දැරූහ. අලුතින් පාසලට පත්වී ආ ගුරු නිවාසයේ නතරවී සිටි පුංචිබංඩේ ගුරුන්නාන්සේ තමා අලි මන්ත‍්‍ර හොඳ හැටි දන්නා ඒ පිළිබඳ හසළ පළපුරුද්දක් ඇති අයකු බැව් නිතර දෙවේලේ ගමේ නොයෙක් දෙනා සමඟ පැවසුවේ මහත් ආඩම්බරයෙනි.
රාති‍්‍රයේ පාසල අවට ප‍්‍රදේශයට එන වල් අලි සිටින දෙසට මහ හයියෙන් මතුරමින් රතිඤ්ඤා පත්තු කරමින් දුව යන පුංචි බංඩේ ගුරුන්නාන්සේ අලි පන්නා දැමීමෙන් පසු ගුරු නිවාසයට විත් නිදා ගන්නේ තමාගේ මන්ත‍්‍ර බලෙයන් අලි දිවගිය බැව් පවසමිනි. රතිඤ්ඤා පත්තු කිරීම නිසා අලි බියපත්ව දුවනමුත් ඔහුගේ මන්තරවලට අලි නොදුවන බැව් අප්පුහාමි මුල් ගුරුන්නාන්සේ හා ගම්මු දැන සිටියහ.
දිනක් මැදියම් රැයේ වෙඩි පත්තු කරමින් මන්තර කියමින් පාසල් වත්තට ආ අලි රංචුව පන්නා දැමූ පුංචි බංඩේ ගුරුන්නාන්සේ දුවවිත් මුල් ගුරුන්නාන්සේ සමඟ ගුරු නිවාසයේ නිදා සිටි අතර මන්ත‍්‍රාචාර්ය පුංචිබංඩේ ගුරුන්නාන්සේ නිදා සිටියේ පියන් නොමැති ජනේලයක් අසලය. රාති‍්‍රයේ කළු දිග හොඬවැලක් ජනේලයෙන් ඇතුළට දැමුවේ පුංචිබංඩේ ගුරුන්නාන්සේ නිදා සිටි ඇඳ දෙසටය. වැනෙමින් තිබූ හොඬවැල ඇඟේ වැදෙත්ම ඇහැරුණ පුංචිබංඩේ ගුරුන්නාන්සේ මහ හයියෙන් බෙරිහන් දෙමින් එකවරම පැන්නේ අප්පුහාමි මුල් ගුරුන්නාන්සේගේ ඇඟ මතටය. ඉන් මහත් භීතියට පත් ගුරුන් දෙදෙනාම මරළතෝනි දෙමින් කෑ ගැසූ අතර මෙම ළතෝනිය ඇසූ ගම්මු හුළු අතු දල්වාගෙන දුවවිත් වෙඩි පත්තුකර අලියා එළවා දමා ගුරු නිවාසය තුළට එබී බැලුවේ ගුරුන්නාන්සේ දෙදෙනාට කුමක් වී දැයි යන සැකයෙනි.
ගුරුන්නාන්සේ දෙපළම සිහිසුන්ව ඇඳ මත වැටී සිටි අතර ගම්මු එකතු වී වතුර ඉස ඔවුන් දෙදෙනා පියවි තත්ත්වයට පත් කළහ. පසුදා මන්ත‍්‍රාචාර්ය පුංචිබංඩේ ගුරුන්නාන්සේ මහත්සේ ඔත්පළව තද උණ සහිත ජලසන්නිය සෑදී වහා ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි. යම්තම් සුවවී පාසලට ආ පුංචිබංඩේ ගුරුන්නාන්සේ ඉන්පසු කිසිදිනක මන්ත‍්‍ර ජපකර අලි පසුපස නොදිව් අතර අලි එන සෑම වාරයකම ඔහු ගුරුනිවාසයට වැදී නිසොල්මන්ව සිටියේය. මෙහි නම් මනºකල්පිතය. මෙය සත්‍ය සිද්ධියකි.
විශ‍්‍රාමලත් ආචාර්ය - ඩී.එන්. දිසානායක
http://www.silumina.lk/2007/10/21/_art.asp?fn=as0710217
Sam
October 22nd, 2007 at 8:01 pm
Good one.