බලහත්කාරයෙන් රඳවාගනු ලැබ සිටි පේරාදෙණිය නි. උප කුලපතිට සාකච්ඡාවකට සහභාගි වීමට අවසර

October 24th, 2007 - Posted By

ඔක්. 24 – ඊයේ රාත්‍රියේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් බලහත්කාරයෙන් රඳවාගනු ලැබ සිටි නියෝජ්‍ය උප කුලපතිවරයාට පාලක සභාව සමග රැස්වීමකට සහභාගි වීමට අවස්ථාව ලබා දී තිබේ. 
නියෝජ්ය උප කුලපතිවරයා පැවසුවේ, සාකච්ඡාවට සහභාගි වීමට අවස්ථාව හිමි වුවත් තමන්ව මුදාහැර නොමැති බවයි. නියෝජ්ය උප කුලපතිවරයා පැවසුවේ, ඊයේ පස්වරුවේ මහා ශිෂ්ය සංගමය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු

   

සිසුන් තමන්ව මෙලෙස රඳවාගෙන සිටි බවයි.
 
ඔවුන් අතර පීඨාධිපතිවරුන් තිදෙනෙක්, ආචාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද වූහ.
 
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් ඊයේ විශ්වවිද්‍යාල භුමියේ උද්ඝෝෂණයක ද නිරත වූහ.
 
මේ වන විට පන්ති තහනමකට ලක්ව සිටින සිසුන්ට එම තහනම ඉවත් කරන ලෙස හා නව නේවාසිකාගාරයේ නාමපුවරුව නැවත සවිකිරීම පිළිබඳව සාකච්ඡාවක් ලබා ගැනීම මෙම ඉල්ලීම් අතර වේ.
 

http://www.ethalaya.com/

2 Responses to බලහත්කාරයෙන් රඳවාගනු ලැබ සිටි පේරාදෙණිය නි. උප කුලපතිට සාකච්ඡාවකට සහභාගි වීමට අවසර

  1. Sudharaka

    October 24th, 2007 at 3:17 pm


    How do you call නියෝජ්‍ය උප කුලපති ‘niyojya upa kulapathi’ in English?

    Vice-Vice Chancellor?

  2. Sam

    October 24th, 2007 at 5:47 pm


    haha.. good quection Sudharaka :)
    Shouldn’t we locate permanent swat squads in our universities?
    Look like not only young girls, these fellow start to kidnap old men too!
    Will that make life insurance for university workers go up?

Leave a Reply