ගුරු සේවයේ රසකතා
October 22nd, 2007 - By
එක්දහස් නවසිය හතළිස් හයේ වර්ෂයේ වයඹ පළාතේ බිංගිරිය ප‍්‍රදේශයේ දැදුරුඔය අසබඩ පිහිටි අති දුෂ්කර පාසලක සේවය කළ අප්පුහාමි මුල්ගුරුන්නාන්සේ හා උපගුරු පුංචි බංඩේ ගුරුන්නාන්සේ නතර වී සිටියේ ගුරු නිවාසයේය. මේ ප‍්‍රදේශයේ දිනපතාම රාති‍්‍ර කාලයේ ගොවීන්ගේ වගා පාළු කරමින් පළාත දෙවනත් කරන වල් අලි බොහෝ සිටියහ. ගම්මු පැල් රකිමින්, වෙඩි පත්තුකරමින් තම වගාවන්ට වල් අලින්ගෙන් වන හානි වළක්වා ගැනීමට මහත් වෙහෙසක් දැරූහ. අලුතින් පාසලට පත්වී ආ ගුරු නිවාසයේ නතරවී සිටි පුංචිබංඩේ ගුරුන්නාන්සේ තමා අලි මන්ත‍්‍ර හොඳ හැටි දන්නා ඒ පිළිබඳ හසළ පළපුරුද්දක් ඇති අයකු බැව් නිතර දෙවේලේ ගමේ නොයෙක් දෙනා සමඟ පැවසුවේ මහත් ආඩම්බරයෙනි. රාති‍්‍රයේ පාසල අවට ප‍්‍රදේශයට එන වල් අලි සිටින ...





