යහපත් අධ්යාපනයක් සඳහා ව්යාපාරයක ආරම්භය
September 17th, 2008 - Filed Under General
මෙම ව්යාපාරයේ ඇරඹුම සනිටුහන් වන්නේ එක් පියෙක් තම දරුවා වෙනුවෙන් නැගූ හඬ ලාංකේය සිසු පරපුර වෙනුවෙන්ම ව්යාප්ත කිරීමට සිතූ මොහොතකයි. මෙම ව්යාපාරයේ නිර්මාතෘ උපාලි චන්ද්රසිරිගේ සංකල්පනාවකට අනුවයි. උපාලි සඳහන් කරන ආකාරයට යහපත් අධ්යාපනයක් සඳහා අරගලයට මුල් වී ඇත්තේ සිය දියණියගේ අධ්යාපනය සම්බන්ධයෙන් මතූවූ අර්බුදයන්ය. නගරයේ උසස් යැයි සම්මත ප්රථමික පාසලක ඉගෙනුම ලැබූ ඔහුගේ දියණිය ශිෂ්යත්ව විභාගය සමත් වීමෙන් පසු තවත් ජනප්රිය පාසලකට ඇතුළත් වීමේ වරම ලබා ඇත. එහෙත් ඔහුගේ දියණියට එම ජනප්රිය පාසල තුළ වැඩි කලක් අධ්යාපනය ලැබීමට නොහැකි වී ඇති අතර, එයට හේතු වී ඇත්තේ ඇය කෙරෙන් මතු වූ ආබාධ තත්ත්වයක්ය. මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් තරප්පු පෙළවල් ඔස්සේ ඉහළ මහළවලට ...