Isuru wadasatahana mathugamatath…..

February 26th, 2009 - Posted By Inoka Udayangani

ඉසුරු වැඩසටහන මතුගමටත්….
ජේ්‍ය්ෂ්ඨ පාසල් වලින් ප‍්‍රාථමික පාසල් වෙන් කළ නොහැකිද? එහෙම නැහැ. සුපිරි පාසල් වලින් බලය විකේන්ද්‍රණය කළ හැකියි.
ජනප‍්‍රිය පාසල් වලින් ප‍්‍රාථමිකය වෙන්කර අඩු ආදායම් ලාභී අධ්‍යාපන කොට්ඨාශ වල ඇති 150 ක් සංවර්ධනය කිරීමට සත්භාවයෙන් වැඩ කරන ස්වෙච්ඡුා සේවකයන් පිරිසක් පසුබිමෙන් සිටිනවා. මොවුන්ගේ පරමාර්ථය වනුයේ අසල්වැසි ප‍්‍රාථමික පාසල් පොකුරෙන් දක්ෂ දරුවන්ගෙන් සමන්විත අඩු තරමේ එක් අග‍්‍රගන්‍යයේ පාසලක් හෝ සෑම පළාතකටම බිහි කිරීමයි. මෙම වැඩසටහන ඉසුරු නමින් හඳුන්වනු ලබන අතර පියසේන මහතා එහි අධ්‍යක්ෂකර වරයා ලෙස කටයුතු කරයි.
මතුගම පළාතේ ක‍්‍රියාත්මක වන ඉසුරු වැඩසටහන සම්බන්ධයෙන් එම පළාතේ කළාප අධ්‍යක්ෂිකා පද්මිනි විජේසිංහ මහත්මිය සමග කථා කිරීමට මට අවස්ථාවක් ලැබුණා.
එක් කොට්ඨාශයකට අග‍්‍රගන්‍යයේ පාසල බැගින් දියුණු කළ යුතු ජ්‍යෙෂ්ඨ පාසල් 4 ක් මෙම කලාපයෙන් හඳුනාගෙන තිබෙනවා. ප‍්‍රථම පියවර ලෙස මෙම පාසල් වල 1 ශ්‍රේණියේ දරුවන් තෝරාගනු ලැබූ අසල් වැසි ප‍්‍රාථමික පාසල්වලට අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වෙනවා.
සෑම කොට්ඨාශයකටම යෝජිත අග‍්‍රගන්‍යයේ ද්වීතික පාසල් හා ප‍්‍රාථමික පාසල් පහත පරිදි වේ.
පළාත / ජේ්‍යෂ්ඨ අග‍්‍රගනයේ ද්වීතික පාසල් /  පෝෂක ප‍්‍රාථමික පාසල්
මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය, ආනන්ද ප‍්‍රාථමිකය/ ධර්මරාජ විද්‍යාලය
අගලවත්ත මිහිඳු මහා විද්‍යාලය/ දැපිලිගොඩ ප‍්‍රාථමිකය
වලල්ලාවිට ඉත්තෑපාන කොල්වින් ආර්. ඞී. සිල්වා විද්‍යාලය උතුරු ඉත්තෑපාන ශ‍්‍රී සරණංකර ප‍්‍රාථමිකය
පාලින්ද නුවර කඹුරුවෙල මහ විද්‍යාලය/ වතුරන ශ‍්‍රී සරස්වති විද්‍යාලය
  මගුර ප‍්‍රාථමිකය

මෙම වැඩසටහන දිගටම ක‍්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් ඉදිරියේදී වසර 4 ක් ඇතුළත තෝරාගනු ලැබූ ද්වීතික පාසල්වලින් සියළුම ප‍්‍රාථමික ශ්‍රේණි ඉවත් කළ හැකි වේ. එමගින් ප‍්‍රාථමික ශ්‍රේණි වල සිටින ළමුන්ට තම නිවෙස් අසළ ඇති පාසල්වලට සුරක්ෂිතව යා හැකි අතර 5 ශ්‍රේණිය සමත් වූ වහාම අග‍්‍රගන්‍යයේ ද්වීතික පාසලකට ඇතුළත් වීමේ හැකියාව ලැබෙනු ඇත.
ප‍්‍රජාව මේ ක‍්‍රියාදාමය සඳහා මුල් තැන ගැනීමෙන් හා ස්වේච්ඡුා සේවකයන්ට උදව් කිරීම තුළින් මෙම ප‍්‍රයත්නය සාර්ථක කර ගත හැකි බව විජේසිංහ මහත්මිය විසින් අවධාරණය කරනු ලබයි. කඹුරුවෙළ මහ විද්‍යාලයේ සිටින ළමුන් වතුවන පාසල වෙත අනුයුක්ත කිරීමට හැකියාවක් නොමැති වුවත් එම පාසල සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා ගම් වාසීන් මුල් වී රු. 5000 ක මුදලක් එකතු කර ගමේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ මධ්‍යස්ථානයකට දී ඇති බව විජේසිංහ මහත්මිය උදාහරණයක් ලෙස ගෙන දක්වයි. ඇය එම රිසිට් පත් ඈ භාරයේ තබාගෙන සිටිනුයේ සිවිල් සමාජයේ සිටින ආධාර සපයන්නෙකු විසින් මේ සත්කාරයට සහය දක්වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.
ප‍්‍රගති පදනම වන අපිද මතුගම ප‍්‍රයත්නය සාර්ථක කරගැනීමට දායක වන්නෙමු. ඔබත් මේ සත් කාර්යයට යොමුවී සිටින නිළධාරීන්ට අත හිත දීමට කැමති නම් අදම පහත දුරකථන අංකයෙන් විජේසිංහ මෙනවිය අමතන්න. 94342248107  එසේ නැතහොත් පහත විද්්‍යුත් ලිපිනයෙන් අප අමතන්න.coordeducationforum.lk

Leave a Reply