It’s not the war separates the country, but the education…
April 1st, 2009 - Posted By Inoka Udayangani
රට බෙදන්නේ යුද්ධය නොවෙයි අධ්‍යාපනයයිෟ
රටක අනාගත ඉරණම තීන්දු කරන භාරකරුවන් වන්නේ ඒ රටේ දරුවන්. දරුවන්ට අතීතයේ අප ලබා දෙන අධ්‍යාපනය රටේ අද පවතින තත්ත්වයට හේතු වී ඇත. පාසල පුමත්පතට සිය අදහස් දක්වමින් ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා කියා සිටියේ වර්තමානයේදී අපේ දරුවන්ට අප ලබා දෙන අධ්‍යාපනය දේශයේ අනාගතය තීරණය කරනු ඇති බවයි. ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ ආර්ථික දිළිඳුභාවයෙන් හා තිස් වසරක යුද්ධයෙන් පවා ලංකාව බෙදී නොගියේ, අඩුපාඩු සහිතව නමුත් පැවති අඩුපාඩු ප‍්‍රයෝජනයට ගනිමින් ෙවිළුපිල්ලේ ප‍්‍රභාකරන් මහතා විසින් උතුරු නැගෙනහිර ජනතාවට ජාතිවාදී විෂ පිරවූ අධ්‍යාපනයක් ලබා දෙමින් යුද්ධයක් පවත්වාගෙන යාමට සුදුසු තත්ත්වයට විඤ්ඤානය සකස් කළ බවත් වේළුපිල්ලේ ප‍්‍රභාකරන් මහතා විසින් උතුරු නැගෙනහිර ජනතා විඤ්ඤානය තුළ නිර්මාණය කල සුළු ජාතිවාදීයේම අනෙක් පැත්ත වන සිංහල මහා ජාතිවාදී විඤ්ඤානය මේවන විට චම්පික රණවක මහතා විසින් දකුණේ නිර්මාණය කිරීම ආරම්භ කර ඇති බවත් 30 වසරක යුද්ධයෙන් දෙකඩ කරන්නට බැරි වූ අපේ දේශය චම්පික රණවක විසින් දකුණට දායාද කරන්නට වෙර දරන අධ්‍යාපනය තුළින් නියත ලෙසම දෙකඩ වන බැවින් මේ දේශය එක්සේසත් කිරීමට නම් ත‍්‍රස්තවාදය නම් වූ ඵලය යුද්ධයෙන් මරා දමන අතරම යුද්ධයට හේතු වූ ද්‍රවිඩ ජන විඤ්ඤානය සුවපත් කරන මිත‍්‍රශීලී සාමූහික සහජීවනයකට මග පාදන අධ්‍යාපනයක් තුළින් ලාංකික සංස්කෘතිය ප‍්‍රතිනිර්මාණය කරමින් ආර්ථික අර්බුදය අහෝසි කිරීමට සමත් රාජ්‍ය පාලනයක් බිහිකළ යුතු යැයි පැවසූ ඒ මහතා විසින් බුද්ධිය ඇති සියළුම දෙනා චම්පික රණවක මහතාගේ අධ්‍යාපනයට අදාල ප‍්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් මුස්ලිම් දරුවන්ගේ පර්දාවට රෙදිකඩක් ලබාදීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරමින් එම දරුවන්ගේ සංස්කෘතික උරුමයන් ගරු කිරීමට අවශ්‍ය පහසුකම් නොමිලයේම ලබාදීමට කටයුතු කලේ ද ජ.වි.පෙ බවත් එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා මඟින් බවත් අවධාරණය කරමින් බිමල් රත්නායක මහතා පවසා සිටියේ දේශය සතු ජාති,කුල,ආගම් ඇතුළු පටු වාද භේද අතුගා දමන ප‍්‍රධාන මෙවලමක් වන්නේ අධ්‍යාපනය බවයි.
පාසල පත‍්‍රයේ පෙබරවාරි කලාපයෙන් උපුටාගන්නා ලදී.





