Year-1 Admission Problem
June 2nd, 2009 - By Inoka Udayangani
.!. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් කළේ කවුද? අධ්‍යාපන පද්ධතියට අදාළ සැබෑ ගැටලූ වසා ගනිමින් කරලියට ගෙන තිබෙන පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් ලෙස හුවා දැක්වීම අප දකින්නේ මිත්‍යාවක් ලෙස යි. නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වා දී අඩ සියවසකටත් වඩා කල් ගත වී ඇතත්, අධ්‍යාපනයට වගකියන ඇත්තන් මෙම තත්ත්වය වටහා නොගැනීම ජාතියේ අවාසනාවකි. දේශපාලකයන්ගේ හා නිලධාරින්ගේ සැබෑ වගකීම වන්නේ සමාජ විෂමතා හැකිතාක් අවම කිරීම යි. නමුත් පළමුවන ශ්‍රේණියේ ගැටලූව අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත්තේ ඔවුන්ට මේ සැබෑ උවමනාව නොමැති නිසා බව පෙනේ. මෙවැන්නක් නිර්මාණය වීමට පසුබිම සකස් වී ඇත්තේ, අවිද්‍යාත්ම්ක පාසල් වර්ගීකරණය පහසුකම් බෙදීයාමේ අසමතුලිතතාව මානව සම්පත් කළමනාකරණයේ ...





