අද දහවල් කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයක් හේතුවෙන් ප්‍රදේශය තුළ නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය.උද්ඝෝෂණයක නිරතවූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් මුදල් අමාත්‍යාංශය දෙසට ගමන් කිරීමට ගත් උත්සාහයේදී මේ තත්ත්වය මතුවිය.
පොලිස් අණ නොතකා අමාත්‍යාංශය දෙසට යාමට උත්සහ දැරූ උද්ඝෝෂකයන් හට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල විණ.
මේ ප්‍රහාර මධ්‍යයේ සිය උත්සාහය අතහැර දැමූ උද්ඝෝෂකයෝ රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව විසිර ගියහ.
2006 අයවැයෙන් පොරොන්දු වූ රැකියා අවස්ථා වසර දෙකක් පුරා නොලැබීමට විරෝධය පළ කිරීමේ අරමුණ ඇතිව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබිණ.