යහපත් අධ්යාපනයක් සඳහා ව්යාපාරයක ආරම්භය


Posted on September 17, 2008  /  1 Comments


මෙම ව්යාපාරයේ ඇරඹුම සනිටුහන් වන්නේ එක් පියෙක් තම දරුවා වෙනුවෙන් නැගූ හඬ ලාංකේය සිසු පරපුර වෙනුවෙන්ම ව්යාප්ත කිරීමට සිතූ මොහොතකයි. මෙම ව්යාපාරයේ නිර්මාතෘ උපාලි චන්ද්රසිරිගේ සංකල්පනාවකට අනුවයි.

උපාලි සඳහන් කරන ආකාරයට යහපත් අධ්යාපනයක් සඳහා අරගලයට මුල් වී ඇත්තේ සිය දියණියගේ අධ්යාපනය සම්බන්ධයෙන් මතූවූ අර්බුදයන්ය. නගරයේ උසස් යැයි සම්මත ප්රථමික පාසලක ඉගෙනුම ලැබූ ඔහුගේ දියණිය ශිෂ්යත්ව විභාගය සමත් වීමෙන් පසු තවත් ජනප්රිය පාසලකට ඇතුළත් වීමේ වරම ලබා ඇත. එහෙත් ඔහුගේ දියණියට එම ජනප්රිය පාසල තුළ වැඩි කලක් අධ්යාපනය ලැබීමට නොහැකි වී ඇති අතර, එයට හේතු වී ඇත්තේ ඇය කෙරෙන් මතු වූ ආබාධ තත්ත්වයක්ය. මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් තරප්පු පෙළවල් ඔස්සේ ඉහළ මහළවලට නැඟීම ඔහුගේ දියණියට අපහසු වී ඇති අතර, ඇය ඉගෙනුම ලැබූ පන්තිය පැවත ඇත්තේ ඉහළ මහලකයි. මේ හේතුව නිසා අප කතානායකගේ අවසන් තීරණය බවට පත්වී ඇත්තේ, නිවස ආසන්නයේම ඇති ජනප්රිය නොවන පාසැලකට දියණුව ඇතුළත් කිරීමයි. නමුත් නිවස ආසන්නයේ ඇති පාසලට තම දරුවා ඇතුළත් කිරීමට යාමේදී විදුහල්පතිනියගෙන් උපාලිට ලැබී ඇත්තේ අදහාගත නොහැකි උපදේශයකි.’මෙහෙ ඉන්නෙ ඇඟ විකුණන අම්මලගෙ ළමයි, පේමන්ට්කාරයන්ගෙ ළමයි, මේ ළමයි අවුරුදු දාහතර වෙනකොට බඩ වෙනවා, මුන් එක්ක ඔයාගෙ ළමයව දාන්න එපා¶ එම උපදේශයෙන් අධෛර්යමත් නොවූ ඔහු ප්රකාශකර ඇත්තේ අපි මේ ඉස්කෝලෙ හදාගමු යන්නයි. ඒ වෙනුවෙන් වසරකට අධික කාලයක් උපරිමයෙන් උදව් කිරීමට උපාලි කැපවී ඇත. නමුත් විදුහල්පතිනිය ඒ කිසිඳු යහපත් වෙනසකටල පරිවර්තනයකට සූදානම් බවක් හෝ වෙහෙසෙන බවක් හෝ පෙනෙන්නට තිබී නැත. ඒ නිසාම විදුහල්පතිනියට ඉහළින් සිටින කොට්ඨාශ අධ්යාපන බලධාරීන්ගේ සිට පළාත් අධ්යාපන බලධාරීන් දක්වා ගොස් පාසල නිවැරදි මගට ගැනීම සම්බන්ධයෙන් ඔහු කරුණු කාරණා ඉදිරිපත් කර ඇත. නමුත් ඒ සෑම අවස්ථාවකදීම උපාලිට ලැබුණු පිළිතුර වූයේ’ ඔයා කැමති ඕනෑම ඉස්කෝලෙකට අපි ළමය දාගන්න උදව් කරන්නම්, ඔය ඉස්කෝලෙ හදන බොරු වැඩේ අතහැර ගන්න’ යනුවෙන්ය.

විදුහල්පතිනියගේ සිට අධ්යාපන බලධාරීන් දක්වා වූ වගකිවයුත්තන්ගේ ඍණාතමක ප්රතිචාර වලින් පසු උපාලි තීරණය කර ඇත්තේ සියලූ වගකිව යුත්තන්ට එරෙහිව නෛතික ක්රියාමාර්ග ගැනීමටයි. යහපත් අධ්යාපනයක් ලැබීමේ සිය දියණියගේ මානව අයිතිවාසිනම් පරිපාලන විෂමතා හේතුවෙන් කඩ වී ඇති බවට මානව හිමිකම් කොමිෂන් සභාවට ඔහු පැමිණිල්ලක් ඉදිරිපත කරන්නේ එහි ප්රතිඵලයක් වශයෙනි. පාසලේ විදුහල්පතිනියගේ සිට පළාත් අධ්යාපන බලධාරීන් දක්වා වූ වගකිවයුත්තන් එම පැමිණිල්ලේ වගඋත්තරකරුවෝ වූහ. මෙම නඩුව වෙනුවෙන් නීතීඥයෙකු සොයාගැනීමට නොහැකිවන උපාලි තමා විසින්ම කරුණු අධ්යයනයකර නඩුව සඳහා ඉදිරිපත් වෙයි. මේ හරහා පාසල තුළ ධනාත්මක වෙනසක් කිරීමට උපාලි සමත් වෙයි. ඔහුගේ ප්රයත්නය පිළිබඳ පැහැදුණු දෙමව්පියෝ පිරිසක් ඔහු හා එක්වෙති. යහපත් අධ්යාපනයක් සඳහා වූ ව්යාපාරයේ ඇරඹුම සනිටුහන් වන්නේ මේ අයුරිනි.

2 Comments


  1. Enter a name for youur network, select ‘Open’ under Network Authentication. The augmented rrality based travel app is Lonely
    – Planet that serves the user the city guides and displays the user of the
    immediate surroundings. It progides wealthy internet browser amenities aas well.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*